සති අන්තයේ පෞද්ගලික බස් ධාවනයට සීමා

මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉන්ධන හිඟය ඊට හේතු වූ බවයි.
මෙම තත්ත්වය තුළ ඊයේ දිනයේ දිවයිනෙන්ම ධාවනය වූයේ බස් රථ 6000කටත් අඩු සංඛ්‍යාවක් බවද හෙතෙම කීය.
ලංගම ඩිපෝවලින් පවා ඉන්ධන මේ වන විට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය. ඉන්ධන හිඟය හමුවේ අද දින (27 ) පෞද්ගලික බස් 25%ක්වත් ධාවනය කරයිද යන්න සැක සහිත යැයිද ගැමුණු මහතා කීවේය.
අද දිනයේ සිටවත් නිසි අන්දමින් ඉන්ධන නොලැබුණොත් ලබන සඳුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය තවදුරටත් ඇනහිටිනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
මේ අතර ලංගම බස් රථ හා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති.

