එකඟතා බිඳ වැටේ – විපක්ෂයට ලොකු පුටු නෑ

එකඟතා බිඳ වැටේ – විපක්ෂයට ලොකු පුටු නෑ

පොදු ව්‍යාපාර කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව (කෝප් සහ කෝපා) සහ පාර්ලිමේන්තු සභාවන්හි සභාපතිධුර විපක්ෂයට ලබාදීමට මීට පෙර එකඟතාවයක් පළ වුවද මේ වනවිට එම ධුර විපක්ෂයට නොලැබෙන තත්ත්වයක් මතුව තිබේ.

ඊට ප්‍රධානතම හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා එම තනතුරු විපක්ෂයට ලබා නොදිය යුතු බවට මතු කර ඇති විරෝධතාවයයි.

අදාළ තනතුරු විපක්‍ෂයට ලබාදෙන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්‍ෂ නායක රැස්වීමේදී මෙන්ම පාර්ලිමේන්තුවේදී ද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් එම තනතුරු මේ වනවිට විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද සාකච්ඡාවට ලක්ව ඇති අතර එවිට ද සාගර කාරියවසම් මහතා සිය විරෝධය පළ කර ඇති බවට වාර්තා වෙනවා.