උසස් පෙළ විභාගයෙන් කප් ගහපු සිසු දරු දැරියෝ

උසස් පෙළ විභාගයෙන් කප් ගහපු සිසු දරු දැරියෝ

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රථිපල ලබාගත් සිසුන් පිළිබඳව මේ වනවිට අනාවරණය වී තිබෙනවා

ඒ අනුව කලා අංශයේ විශිෂ්ඨතම ප්‍රථිඵලය වාර්තා කරමින් දිවයිනේම පළමු ස්ථානය ලබා ගැනීමට බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවා සමත්ව ඇති අතර ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවා හිමිකරගනු ලැබුවා

ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාරකේෂ් සිසුවායි.

වාණිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත්ව තිබෙනවා.

ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් සිසුවායි.