බිත්තරයක් රුපියල් 50ට විකුණන්න අවසර ඉල්ලා කෘෂිකර්ම ඇමති යෝජනාවක් කරන්න සැරසෙයි

බිත්තරයක් රුපියල් 50ට විකුණන්න අවසර ඉල්ලා කෘෂිකර්ම ඇමති යෝජනාවක් කරන්න සැරසෙයි

බිතරයක් රුපියල් 50කට අලෙවි කිරීම සඳහා වෙළෙඳුන්ට අවසර දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් නිෂ්පාදන මිල පිළිබඳව සොයා බැලීමකින් අනතුරුව ඉදිරි කටයුතු තීරණය කෙරෙන බවයි.

පසුගියදා බිත්තරයක් රුපියල් 43 හා 45 ලෙස පාලන මිලක් පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය

කෙසේ වෙතත් තවමත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60 කට අධික මිලකටයි.