සිංහයෙකුගේ පහරදීමකින් අයෙක් මරුට

සිංහයෙකුගේ පහරදීමකින් අයෙක් මරුට

ඝානාවේ ඇක්රා සත්වෝද්‍යානයේ දී සිංහයෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා සිංහයන් රඳවා සිටි ප්‍රදේශයේ ආරක්ෂක වැටට උඩින් පැන ඒ තුළට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ එක් සිංහයෙකුගේ දරුණු ප්‍රහාරයකට ලක්ව ඇති බව සඳහන්.

පසුව ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොහු අනතුරට මුහුණපාන අවස්ථාවේ එම ස්ථානයේ සිංහධේනුව, සමඟ පැටවුන් දෙදෙනෙකු ද සිට තිබෙනවා.

https://bit.ly/3PXpk6H

COMMENTS