රුසියාව සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කරයි

රුසියාව සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කරයි

රුසියාව සිය සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලයන් 137,000 ක් නවකයින් ලෙස බඳවාගනු ඇති.

කෙසේ වෙතත් මෙම බඳවාගැනීම් යුක්රේන ආක්‍රමණයට ප්‍රයෝජනවත් නොවනු ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යුක්‍රේන – රුසියා ගැටුමේදී දිනපතා රුසියානු හමුදා සෙබළුන් විශාල පිරිසක් මියයාම බවයි.

මෙම නව බඳවාගැනීම් සමඟ රුසියානු හමුදාවේ මුළු සාමාජික සංඛ්‍යාව මිලියන 1.15 ඉක්මවනු ඇති.

එමෙන්ම නව ලක්ෂය ඉක්මවා සිවිල් කාර්ය මණ්ඩලයක් ද රුසියානු හමුදාවේ සේවය කරනු ලබනවා.

https://bbc.in/3RdXT9V