ඉන්දීය නළු කමාල් ආර් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය නළු කමාල් ආර් ඛාන් අත්අඩංගුවට

මිය ගිය ඉන්දීය නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන්ට එරෙහිව 2020 දී අවමන් සහගත ට්වීටර් පණිවිඩ පළ කිරීම සහ තම යූ ටියුබ් නාලිකාවේ එවැනි අදහස් දැක්වීම සම්බන්ධයෙන් KRK ලෙස හඳුන්වන ඉන්දීය නළු කමාල් ආර් ඛාන් ව අද (30) අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම අත් අඩංගුවට ගැනීම මුම්බායි ගුවන් තොටුපළේ දී සිදු කෙරුණු අතර, අත්අඩංගුවට ගත් කමාල් ආර් ඛාන් පසුව බොරිවාලි හි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ (IPC) 500 සහ 153A වගන්ති යටතේ සහ විද්‍යුත් ස්වරූපයෙන් අසභ්‍ය අන්තර්ගතය සම්ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ පනතේ 67A වගන්තිය යටතේ නළු ඛාන්ට නඩු පවරා තිබෙනවා.

කෙසේ වෙතත් අදාල අත්අඩංගුවට ගැනීම් සිදු කළේ, කුමන ටිවිටර් සටහනක් සම්බන්ධයෙන් ද යන වග තවමත් නිශ්චිතව වාර්තා කර නැහැ.

මෙම ඉන්දීය නළුවාට Twitter හි අනුගාමිකයන් මිලියන 5.1 ක් සහ YouTube හි අනුගාමිකයන් මිලියන 1 ක් සිටින අතර ඔහු චිත්‍රපට විචාරකයෙකු වන අතර බොලිවුඩ් තරු පිළිබඳ මතභේදාත්මක ට්විටර් පණිවිස සම්බන්ධයෙන් ඔහු ඉතා ප්‍රසිද්ධයි.

https://bit.ly/3AAfcuY

COMMENTS