ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අද රාත්‍රියේ සිට ඉදිරි දින දෙක තුළට අදාළවන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයට අනුව වැඩිදුරටත් සඳහන් වන්නේ අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
ඒ අනුව එම ද්‍රෝණිවල පදිංචි ජනතාව අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
එසේම ගංගා ද්‍රෝණි ඉහළ ප්‍රදේශවලදී ගංගා සහ අතු ගංගා භාවිතයේදී (ඔරු පැදීම්, දිය නෑම, ගංගා හරහා ගමන් කිරීම) සැළකිලිමත්වන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

