ජනපති රනිල් ඉදිරිපත් කළ අතුරු අයවැයේ යෝජනා සියල්ල මෙන්න

2022 සැප්තැම්බර් 1 වන දා සිට එකතු කළ අගය මත බද්ද (VAT) 12% සිට 15% දක්වා ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (30) මුදල් අමාත්‍යවරයා ලෙස 2022 අතුරු අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමිනි.
එහිදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැදගත් කරුණු පහතින් දැක්වේ.
- වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලු වාසික පුද්ගලයින් අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ අවශ්‍යතාව හඳුන්වා දෙයි.
- රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ දැනට අවුරුදු 60 වැඩි සියලු සේවකයින් 2022 දෙසැම්බර් මාසයේ විශ්‍රාම ගැන්වීමට පියවර.
- ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවීමට යෝජනා.
- තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගරසභාවට අනියුක්ත කිරීමට යෝජනා.
- ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබාදීමට යෝජනා.
- ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2,500ක අතුරු දීමනාවක් ලබා දීමට යෝජනා.
- අඩු ආදායම් ලාභී පවුල් 61,000ක් සඳහා මසකට රුපියල් 10,000 බැගින් මාස 4ක් සහනාධාර ලබා දීමට යෝජනා.
- ගොවීන් රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොළිය හැර) කපා හැරීමට යෝජනා.
- කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීමට යෝජනා.
- ශ්‍රී ලාංකිකයින්ගේ සහය රටට ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන එතෙර ශ්‍රී ලාංකිකයින් සඳහා වන කාර්යාලයක් ඇති කිරීමට යෝජනා.
- දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමත්, අදර්ශ ව්‍යාපෘතිය ලෙස කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට යෝජනා.
- ඉදිරියේදි රජයේ අවශ්‍යතා සදහා විදුලියෙන් ක්‍රියාත්මක වාහන පමණක් මිල දී ගැනීමට ත්, ෆොසිල ඉන්ධන දහනයෙන් ධාවනය වන වාහන භාවිතය ඉදිරියේදී අත්හිටුවීමටත් යෝජනා.
- රටේ සම්පත්වලින් දැනට ලැබෙන රාජ්‍ය බදු නොවන ආදායම් වැඩි කිරීමට යෝජනා.
- අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය සහ රාජ්‍ය සේවා වැනි ප්රමුඛ ක්ෂේත්‍ර සඳහා අරමුදල් යෙදවීමට යෝජනා.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කතාව පහතින් දැක්වේ.

