ලංකාවේ අරගලය කොපි කළ ඉරාක වැසියන් (Photos)

බලවත් ෂියා පූජකයෙකුගේ ආධාරකරුවන් සහ ඉරාක ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම්වලින් මේ දක්වා 15දෙනෙක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
එම ගැටුම් එරට අගනගරය වන බැග්ඩෑඩ් නගරය කේන්ද්‍ර කරගෙන ඇතිවී තිබේ.
මුක්ටාඩා අල්-සදාර්ට සහා ය දක්වන උද්ඝෝෂකයින් එරට ජනාධිපති මැදුරට කඩා වැදීම හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබුණි.
මේ අතර උද්ඝෝෂකයින් ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළුවී, එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විරෝධතාකරුවන් මෙලෙස මන්දිරයට කඩා වැදීමෙන් පසු බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමටද ඉරාක අගමැතිවරයා නියෝග කර ඇති බව වාර්තා වනවා.
තමා දේශපාලනයෙන් සමුගන්නා බවට මුක්ටාඩා අල්-සදාර් නිවේදනය කිරීමත් සමඟ ගැටුම් ඇතිවී තිබේ.
තවත් නගර කිහිපයක ගැටුම් ඇතිවීමත් සමගම භාරකාර රජය අග්‍රාමාත්‍යවරයා, ඉවසීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීය.
රජයේ කාර්යාල, ගොඩනැගිලි සහ විදෙස් තානාපති කාර්යාල ස්ථාපනය කර ඇති බැග්ඩෑඩ් නගරයේ “Green Zone” කලාපයේ ගැටුම් වැඩියෙන් පැවති බව සඳහන් ය.
මේ අතර එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලු ම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.






