එමිරේට්ස් ඉරාකයට ගුවන් ගමන් නවත්වයි

එමිරේට්ස් ඉරාකයට ගුවන් ගමන් නවත්වයි

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලු ම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

ඒ එරට තුළ සිවිල් නොසන්සුන්තාත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්.

ඒ අනුව අද (30) සිට ඉරාකයට පැමිණීමට නියමිත සියලු ගුවන් සේවා අත්හිටුවන බවයි එමිරේට්ස් ගුවන් සේවය සිය වෙබ් අඩවිය හරහා දැනුම් දී ඇත්තේ.

ඉරාකයේ ෂියා මුස්ලිම් නායක මුක්තාචා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කිරීමෙන් පසු කුපිත වූ ජනතාව ඉරාක ජනාධිපති මන්දිරයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමත් සමඟ ඇති වූ ගැටුම්වලදී 12 දෙනෙකු මියගියා.

https://bit.ly/3Rij9et