පොහොට්ටුවේ ඉහළ පුටු වෙනස් වෙන ලකුණු

පොහොට්ටුවේ ඉහළ පුටු වෙනස් වෙන ලකුණු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස පක්ෂයේ දරන තනතුරුවලින් නුදුරු දිනයකදී ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

එමගින් පුරප්පාඩු වන තනතුරු සඳහා වෙනත් සාමාජිකයින් පත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව පක්ෂය සඳහා නව සභාපතිවරයෙකු ද පත්වනු ඇති බව ය.

අද ( 30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට අද (31) පෙරවරුවේ පියවර ගත්හ.

ඒ අනුව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් මෙසේයි.

  1. මහාචාර්ය ජී.එල්. පීරිස්
  2. ඩලස් අලහප්පෙරුම
  3. නීතිඥ ඩිලාන් පෙරේරා
  4. ආචාර්ය නාලක ගොඩහේවා
  5. මහාචාර්ය චරිත හේරත්
  6. මහාචාර්ය චන්න ජයසුමන
  7. කේ.පී. එස්. කුමාරසිරි
  8. ගුණපාල රත්නසේකර
  9. නීතිඥ උදයන කිරිඳිගොඩ
  10. නීතිඥ වසන්ත යාපා බණ්ඩාර
  11. වෛද්‍ය උපුල් ගලප්පති
  12. වෛද්‍ය තිලක් රාජපක්ෂ
  13. ලලිත් එල්ලාවල

යන මන්ත්‍රීවරුන් 13 දෙනා විපක්ෂයේ අසුන් ගත්හ.

COMMENTS