හිටපු ජනපතිගේ පුතත් දේශපාලනයට

හිටපු ජනපතිගේ පුතත් දේශපාලනයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන අද නිල වශයෙන් දේශපාලන කරළියට පා තැබුවා.

ඒ පොළොන්නරුව – බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) සංවිධායකවරයා ලෙස පත් වීම භාර ගනිමින්.

මෙම තනතුරට අදාල පත්වීමේ ලිපිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අතින් ලබා ගන්නා ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කරන දහම් සිරිසේන පවසන්නේ තමා කෙරෙහි විශ්වාසයය තැබූ සියලු දෙනාගේ විශ්වාසය උපරිම අයුරින් ආරක්ෂා කරමින්, නිදහස් පක්ෂය විසින් ලබාදුන් වගකීම ඉටුකරමින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් සිදු කරන බවයි.

ඔහු මීට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

COMMENTS