ගෝඨාභය සෙනසුරාදා දිවයිනට

ගෝඨාභය සෙනසුරාදා දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන සෙනසුරාදා (03) දිනයේ ආපසු මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව හරහා තායිලන්තයට ගොස් එහි සති කිහිපයක් ගත කිරීමෙන් පසුවයි.

ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සඳහන් කළා.