කොවිඩ් නිසා නගරයකට අඟුළු වැටෙයි

කොරෝනා වෛසරය යළි පැතිර යාමේ අවදානම හේතුවෙන් චීනයේ චෙන්ග්ඩු නගරය වසා දමා තිබෙනවා.
චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ එම නගරයෙන් දිනක් තුළ ආසාදිතයන් 156 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.
ඒ අනුව මිලියන 21 ක් ජනතාවක් වාසය කරන මෙම නගරයේ ජනතාවට නිවෙස්වලින් පිටතට යෑම තහනම් කර ඇති බව සඳහන්.
මෙහි දී සුපිරි වෙළඳසැල්, ඔසුසැල්, රෝහල් හැර අනෙකුත් සියලුම ව්‍යාපාර වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙටි කාලසීමාවක් තුළ සියලු නගර වැසියන් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීම මෙලෙස චෙන්ග්ඩු නගරය වසා දැමීමේ තීරණයට හේතුවූ බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

