අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි

පසුගිය අගෝස්තු 30 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද(02) පැවැත්වුණා.
එහි දී විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 5ක්.
මේ අතර ඡන්දය දීමෙන් වැලකී සිටී ගණන 43ක් මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 115කින් පාර්ලිමේන්තුවේ සම්මත වුණා.
කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පතට සමගි ජන බලවේගය ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, පසුගියදා ආණ්ඩු පක්ෂයෙන් වෙන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු 13 න් දෙනාගේ කණ්ඩායම ද මෙම පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් වැළකී සිටියා.

