අවුන් සාන් සූ කීට තවත් වසර තුනක සිරදඬුවමක්

මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සූ කීට එරට අධිකරණයෙන් තවත් වසර තුනක සිරදඬුවම් නියම කර තිබෙනවා.
අවුන් සාන් සූ කීට එරෙහිව අද විභාග වූ මැතිවරණ දූෂණ චෝදනාවට වරදකරුවීම හේතුවෙනුයි ඇයට තවත් වසර තුනක සිර දඩුවම් නියම කෙරුණේ. පසුගිය මාසයේ දී ද ඇයට වසර 6 ක සිරදඬුවම් නියම කෙරුණු අතර අද නියම කළ දඩුවමත් සමඟ අවුන් සාන් සූ කීට නියම කර ඇති සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 20 ක්.
තවත් චෝදනා කිහිපයක් යටතේ ඇයට විරුද්ධව එරට අධිකරණයේ නඩු විභාග වන අතර එම චෝදනා සියල්ලටම වරදකරු වුවහොත් වසර 200 ක පමණ සිර දඬුවමක් නියම වනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වුවද තමන්ට එල්ලවන සියලු චොදනා ප්රතික්ෂේප කරන බව අවුන් සාන් සූ කී ප්රකාශ කරනවා.

