මම හිතුවේ ගෝඨාභය සිංහයෙක් කියලා, බලනකොට පූස් පැටියෙක් – කුමාර වෙල්ගම

මම හිතුවේ ගෝඨාභය සිංහයෙක් කියලා, බලනකොට පූස් පැටියෙක් – කුමාර වෙල්ගම

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේ අනුව ඔහු නැවතත් දේශපාලනයට අවතීර්ණ වනු ඇතැයි තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රශ්නය – ගෝඨාභය මහත්තයා නැවත ලංකාවට එනවා

පිළිතුර:- “අනේ හොඳයි. ආපු එක හොඳයි. ඒ මිනිහා ඉපදිච්ච රටනෙ. එයාගෙ නෝනා ඉපදිච්ච රටනෙ. මේ තැන්තැන් වල ගිහිල්ලා අසරණභාවයෙන් ඉන්නෙ නැතුව මෙහෙ ඇවිල්ලා එයාගෙ ගෙදරට වෙලා ඉන්න එක ඇත්තටම හොඳයි කියලායි මම හිතන්නෙ”

ප්‍රශ්නය – එතුමා දේශපාලනය නැවත කරයිද ?

පිළිතුර:- “මං හිතන්නෙ නෑ ආයෙත් දේශපාලනය කරයි කියලා. දේශපාලනය කරනවා නෙවෙයි, දේශපාලනය තියෙන තැනකවත් ඉන්න එකක් නෑ ඔය මනුස්සයා”

ප්‍රශ්නය – ඇයි ඒ ?

පිළිතුර:- “ඇයි කියන්නෙ ඉතින් පේන්නැද්ද ඒ මනුස්සයාට වෙච්චි වැඩේ. හැබැයි ඒ මිනිහා එක හොඳ වැඩක් කළා. ඒ මිනිහා නියපොත්තකින්වත් කාටවත් හීරුවෙ නෑ. නෝනාත් එක්ක යන්න ගියා රට දාලා, එච්චරයි. මම හිතුවෙත් සිංහයෙක් කියලා, බලනකොට පූස් පැටියෙක්” යනුවෙන් පැවසීය.