වසර 50කට පසු ඇමරිකාවෙන් රොකට්ටුවක් සඳ බලා ගමන් අරඹයි

වසර 50කට පසු ඇමරිකාවෙන් රොකට්ටුවක් සඳ බලා ගමන් අරඹයි

කාර්මික දෝෂයක් හේතුවෙන් සඳ වෙත යැවීම අත්හිටවූ ආටිමිස් එක රොකට්ටුව යළිත් වරක් අද (03) අභ්‍යවකාශගත කිරීමට ඇමරිකාව සූදානම් වනවා.

මෙම නවතම රොකට්ටුව මගින් ඔරායන් නම් කැප්සියුලයක් චන්ද්‍ර කක්ෂය වෙත යැවීමට නියමිිතයි.

රොකට්ටුවේ එන්ජින් හතරෙන් එකක් නියමිත ක්‍රියාකාරී උෂ්ණත්වයට සිසිල්නොවීම හේතුවෙනුයි පසුගිය මස 29 වනදා රොකට්ටුව ගුවන්ගත කිරීම අත්හිටුවීමට නාසා ආයතනය පියවර ගත්තේ.

වසර 50කට පසුවයි ඇමරිකාව චන්ද්‍රයා වෙත මෙලෙස යළිත් වරක් අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කරනු ලබන්නේ.

https://bit.ly/3qaqIIU