රුසියාවේ ගෑස් ප්‍රවාහනය කරන නළ මාර්ගය යළි වැසේ

රුසියාවේ ගෑස් ප්‍රවාහනය කරන නළ මාර්ගය යළි වැසේ

රුසියාවේ සිට ජර්මනියට ගෑස් ප්‍රවාහනය කරන නළ මාර්ගය යළි දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

පසුගියදා එම නළයේ ටර්බයිනයක සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් වසා දැමීමටයි රුසියානු රජයේ බලශක්ති සමාගමක් තීරණය කරනු ලැබුවේ.

එය පිළිසකර කර අද (03) දිනයේදී යළි විවෘත කිරීමට නියමිතව තිබුණත් එහි තෙල් කාන්දුව යථා තත්වයට පත් කිරීමට නොහැකිවීම හේතුවෙන් එම නළ මාර්ගය තවදුරටත් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ හේතුවෙන් එළඹෙන සීත ඍතුවේදී ජර්මනියේ බලශක්ති පිරිවැය ද ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://bit.ly/3cMwbCz