අරගලකරුවන්ට ඕන විදිහට වෙනස් වෙන්න මම සුදානම් නැහැ – ප්‍රසන්න රණතුංග

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති සියලු ම ආයතන පූර්ණ විගණනයකට ලක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පළමු අදියරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේදී අද (4) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඉකුත් රජය සමයේ තම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21හි ම සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව තමන්ට දැනටමත් පැමිණිලි ලැබී ඇති බව ත් “හිටපු ඇතැම් ඇමතිවරුන්ගේ කුණු කන්දල්වලට කර ගැසිය නොහැකි බැවින්” තමන් මෙම තීරණය ගත් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග දැක්වූ අදහස්,
“ආයතනවල මතුව ඇති ප්‍රශ්න අපි සාකච්ඡා කරල විසඳගමු. වැඩ වර්ජනවලට යන්න කලින් වෘත්තීය සමිති සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳාගන්න කටයුතු කළොත් ඒක අපි හැමෝට ම පහසුයි. නායකයෙක් නැති ආරගලවලට පැවැත්මක් නැහැ.
ගෝල් ෆේස් අරගලයේ සැබෑ ස්වරූපය දැන් එළිවෙනවා. ආයතනයක වෘත්තීය සමිති ඒ මට්ටමට වැටිය යුතු නැහැ. වෘත්තීය සමිතියක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන විධිමත් ක්‍රමවේදයක් අනුවයි. එහෙම නැතිවුනොත් පාඩුවෙන්නේ තමන් වැඩ කරන ආයතනයටමයි.
මම ආවේ මේ ආයතන ගොඩගන්නයි. මේ හැම ආයතනයකටම මම පත් කළේ වැඩ දන්න ඉහළ ම සුදුසුකම් තියෙන සභාපතිවරුයි. ඒ අයට ඔබගේ සහයෝගය ලබා දෙන්න. තර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ.”
මෙහිදී වැඩිදුරට ත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දේශපාලනය කිරීමේදී අරගලකරුවන්ට අවශ්‍ය ලෙස වෙනස් වීමට තමන් සූදානම් නැති බව ය.

