ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන උත්තර සභාගය එළිදකී

ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන උත්තර සභාගය එළිදකී

පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ සහ සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන් වු නව සන්ධානය උත්තර ලංකා සභාගය ලෙසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදි එලි දැක්වුණු එම සභාගයේ සභාපතිවරයා ලෙස තේරී ගැණුනේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශයි.

එහි ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය ජි. වීරසිංහ තෝරා ගනු ලැබුවා.

උත්තර ලංකා සභාගයේ අනුශාසක ධූරයට පත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්.

එහි ජාතික සංවිධායකවරවයා ලෙස පත් කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරයි.

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ මෙහි නියෝජ්‍ය සභාපතිධූරයන් ලෙස පත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග පත් කර ඇත්තේ එහි නියෝජ්‍ය ලේකම් ධුරය සදහායි.

මෙම නව සභාගයට ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, යුතුකම ජාතික සංවිධානය සහ විජය ධරණී ජාතික සභාව ඇතුළු පක්ෂ එක්ව සිටිනවා.