රුසියාවේ කොවිඩ් පැතිරයාම ඉහළට

රුසියාවේ කොරෝනා පැතිරයාමේ වර්ධනයක් දක්නට ලැබෙන එරට සෞඛ්‍ය අංශ පවසනවා.
අඛණ්ඩව දෙවන දිනටත් එරට දෛනික කොරෝනා ආසාදිතයන් 50,000 ඉක්මවා වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස දෛනික කොරෝනා ආසාදිතයන් වැඩිවීමක් පෙන්නුම් කරන්නේ පසුගිය මාර්තු මාසයට පසුව වීම විශේෂත්වයක්.
ඒ අනුව රුසියානු සෞඛ්‍ය බලධාරීන් එරට ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම පිළිබඳ වඩාත් අවධානය යොමු කරන ලෙස දැනුම්දී තිබෙනවා.

