අද ඔක්කොම පාලනය කරන්නේ “කපුටා” – විපක්ෂ නායක (video)

අද ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නම් ලැයිස්තු එවන්නේ කපුටා බව පැවසූ විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ නොමඟ ගිය සියලු දෙනාට ඉදිරියේදී කපුටාගෙන් තනතුරු ගැනීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියේ ඊයේ (04) පස්වරුවේ සමගි ජනබලවේගයේ මීරිගම ආසන බලමණ්ඩලය අමතමිනි
ගෝඨාභය ජනාධිපතිවරයා ප්රමුඛව පොහොට්ටු ආණ්ඩුව විසින් මෙරට අලුත් දුප්පත්කමක් වෙත තල්ලු කළ බවත් ඒ තුළින් ඉහළ තලයේ සිටි ජනතාව පවා පහලට කඩා වැටුණු බවත් විපක්ෂ නායකතුමා සඳහන් කළා.
මේ අසීමිත පීඩනය දරා ගත නොහැකිව රටේ ජනතාව වීදි බැස්ස බවත්, එය අහිංසාවාදී අරගලයක් වූ අතර ඊට රාජපක්ෂලා ප්‍රතිචාර දැක්වූයේ හිංසනයෙන් බවයි.
රටට අලුත් විකල්පයක් අවශ්‍ය බවත්, එය සම්ප්‍රදායෙන් බැහැර වුණු රටට නව වැඩපිළිවෙළක්, අලුත් මාවතක් කියාදෙන විකල්පයක් විය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
වර්තමාන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සිරකරුවෙක් බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන් සමඟ එක් වන අයෙක් වෙත්නම් ඔවුන්ට අනාගතයේ නාමයෝජනා ගන්නට සිදුවන්නේ කපුටෙකුගේ පාලනයෙන් බවද එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

