ගෝඨා එනවානම් යන්න සූදානම් – සීතා අරඹේපොළ

ගෝඨා එනවානම් යන්න සූදානම් – සීතා අරඹේපොළ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු හෝ මෙතෙක් කර නැතැයිද ඇය සඳහන් කළාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව තමන් විශ්වාස කරන බවයි ඇය පෙන්වා දුන්නේ.

ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බවද අරඹේපොල මන්ත්‍රීවරිය සඳහන් කළා.