හිරු නොබසින අධිරාජ්‍යයට අලුත් අගමැතිවරයෙක් අද

බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ කවුරුන් හට ද යන තීරණය අද (05) දහවල් ප්‍රකාශයට පත් කෙරෙනවා.
අග්‍රාමාත්‍යවරයා නම් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණ අතින් හෙට (06) පත්වීමට ලබාදීමට නියමිතයි.
ඉන්දීය සම්භවයක් සහිත හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍යවරිය වන ලීසා ට්‍රස් මේ සඳහා තරග වැදුනා.
අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නාට පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයද හිමිවීම බ්‍රිතාන්‍යයේ සම්ප්රදාය වනවා.
කෙසේ වෙතත් මෙහි වැඩි වාසිය හිමිව ඇත්තේ ලීසා ට්‍රස්ට බවයි එරට මාධ්‍ය වාර්තා පළ කරන්නේ.
ජනතාවගේ විශ්වාසය සහ ආර්ථික අර්බුදය මැඩපැවැත්වීමට අසමත්වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවුණා.

