මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ තවත් පහසු වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ තවත් පහසු වෙයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.) ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ඊයේ (5) සිට ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය.

මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සියලුම සේවාවලදී ජනතාවට ඉදිරියේදී විද්‍යුත් කාඩ්පත් යොදාගත හැකි බවත් බොහෝ ගනුදෙනුවලදී කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් තිබීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කළ බවත් ඇය කීවාය.

නූතන තරුණ නව තාක්ෂණයට අනුගත වීම නිසා සහ මුදල් රැගෙන යාමේදී පවතින අපහසුතාවය හේතුවෙන් තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මුදල් ගෙවීමට දැන් හැකියාව පවතිනවා.

සේවාව ලබා ගැනීමේදී අතේ මුදල් නැති වුවත් කාඩ්පත් මගින් ගෙවීමට හැකියි.

භාණ්ඩාගාරයට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මාසිකව රු.බිලියනයක් පමණ ලාබයක් උපයනවා

COMMENTS