ගාස්තු ඉහළ යෑමෙන් ඔන්ලයින් අධ්‍යාපන ලබන දරුවන්ට බලපෑම්

ගාස්තු ඉහළ යෑමෙන් ඔන්ලයින් අධ්‍යාපන ලබන දරුවන්ට බලපෑම්

විදුලිබිල සහ දුරකතන සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

මේ අතර, බදු ඉහළ දැමීමත් සමඟ දුරකතන සේවා ගාස්තු සියයට 23කින් හෝ සියයට 24කින් ඉහළ යා හැකි බව යි කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් හෙළසිරි රණතුංග සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ හරහා අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම දෙමාපියන්ට ද බලපෑම් එල්ල වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.