දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාලව නාය යෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.
මේ අතර ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ගංගා ආශ්රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් එම ගංගාවල මේ වන විටත් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ
කෙසේ වෙතත් පැවති තද වැසි තත්ත්වයේ අඩු වීමක් අද (06) අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටන් විට වැසි ඇති විය හැකි බව වැඩි දුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

