වී මිලදී ගන්න ප්‍රමාණවත් පරිදි සල්ලි දීලා නෑ – මහින්ද අමරවීර

වී මිලදී ගන්න ප්‍රමාණවත් පරිදි සල්ලි දීලා නෑ – මහින්ද අමරවීර

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

මුදල් ලැබෙන පරිදි වී මිලදී ගැනීම් කරන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වී මිලදී ගැනීම සඳහා බිලියන දෙකක මුදලක් ලබා දෙන ලෙස රාජ්‍ය බැංකු දෙකෙන් ඉල්ලා ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමඟද සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සහල් ආනයනය නතර කරන ලෙසට ලිඛිත දැනුම් දීමක්ද මේ වනවිට සිදුකර ඇති බව පැවසු අමරවීර මහතා ගොවීන්ට අවශ්‍ය බිම් සැකසීම ආදිය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ආදිය ලබාදීමට පියවර ගන්නා බවද පැවසීය.