ඉදිරියේදී පොහොට්ටුවේ සහ සමගියේ පිරිසක් එජාපයට එකතු වෙනවා – වාසු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
එසේම ඉදිරියේදී කණ්ඩායම් ද්විත්වයක් බිහි වනු ඇති බවත් එක් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වෙන් බිහිවන දක්ෂිණාංශික කණ්ඩායම බවත් අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභා ගය හා ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගෙන් සමන්විත වාමාංශික කණ්ඩායම බවත් ඔහු පැවසීය.
එසේම ඉදිරියේදී සමගි ජනබලවේගයේ පිරිසක්ද එජාපයට එක් වනු ඇති බවත් එවිට සජිත් ප්‍රේමදාස මහතා තනි වීම හෝ යථාර්ථයට මුහුණදීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

