එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරු කනස්සල්ලෙන්

එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරු කනස්සල්ලෙන්

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ වෛද්‍යවරුන් කනස්සල්ල පළකර තිබෙනවා.

වෛද්‍යවරුන් රැජිනගේ සෞඛ්‍යය ගැන කනස්සල්ල පළ කර ඇති අතර ඇයට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ලෙසට නිර්දේශ කර ඇති බවයි බකිංහැම් මාලිගය පවසන්නේ.

රැජින මේ වන විට බල්මොරල් මාලිගාවේ සිටින බව සඳහන්.

96 හැවිරිදි රැජිණගේ සෞඛ්‍යය පිළිබඳ අවධානය උත්සන්න වූයේ වෛද්‍යවරුන් ඇයට විවේක ගන්නා ලෙස නියෝග කිරීමෙන් පසුවයි.

සති කිහිපයකට පසු පළමු වතාවට රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මේ සතියේ ඇයගේ ස්කොට්ලන්ත නිවසට පැමිණෙන අගමැතිවරුන් පිළිගන්නා අවස්ථාවේදීයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මහා රැජිණ දුර්වල පෙනුමකින් යුක්ත වන අතර, අඟහරුවාදා ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ බොරිස් ජොන්සන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කළ ට්‍රස් සමඟ ඇවිදීමේ දී සැරයටියක් ද භාවිතා කළ බවයි.

සැලසුම් කර තිබූ පෞද්ගලික සභා රැස්වීම රැජින අවලංගු කළ බව නිවේදනය කර තිබෙනවා.

https://bit.ly/3TRDYzI