ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු කුසලාන අපරාජිතකම තවදුරටත් රැකගනී

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු කුසලාන අපරාජිතකම තවදුරටත් රැකගනී

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ සිංගප්පූරුව සමඟ ඊයේ (07) පැවැති සුපිරි සිව් දෙනාගේ වටයේ තරඟයකින් ලකුණු 67 ට 49 ක ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් සිය අපරාජිත වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින්නේ ආසියානු කුසලාන දැල්පන්දු තරඟාවලියේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) දිනයේ තරඟාවලියේ දෙවැනි වටයේ තරගයක් සඳහා හොංකොං කණ්ඩායම සමඟ තරඟ වැදීමට නියමිතයි.

රටවල් 11ක් සහභාගි වන මෙවර ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ අවසන් තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන 11 වන ඉරිදායි.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර 2018 වර්ෂයේ දී සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරඟාවලියේ දී ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.