ආණ්ඩුව කලාකරුවන් දඩයම් කරනවා – විපක්ෂ නායක

ආණ්ඩුව කලාකරුවන් දඩයම් කරනවා – විපක්ෂ නායක

වත්මන් ආණ්ඩුව කලාකරුවන් සහ තරුණයින් දඩයම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

සිනමා සහ ටෙළිනාට්‍ය නිළි දමිතා අබේරත්න මහත්මිය ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන මේ වන විට කොටුව පොලිසියෙහි රඳවාගෙන ප්‍රශ්න කරන බවත් අය බැලීමට තමා එහි ගිය විට ඇය පැවසූවේ සිකුරාදාට කොටුව පොලිසියට පැමිණීමට දැනුම්දී තිබූ බවත් ඊයේ බත්තරමුල්ල දියත උයන අසල පැවති උද්ඝෝෂණයකට සහභාගීවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවය.

මේ අතර අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මේ වනවිට කොටුව පොලිසියේ රඳවා සිටිනවා.

පොලිසිය සඳහන් කළේ, ඇය අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව යි.

බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ ඊයේ සංවිධාන කළ සත්‍යග්‍රහයෙන් අනතුරු ව රංගන ශිල්පිණීි දමිතා අබේරත්න කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීම සහ අයුතු ජනරාශිය සාමාජිකයන් වීම යන චෝදනාවලට අදාළව යි.