දුම්රිය ආසන වෙන් කිරීමට පැවැති කාලය දීර්ඝ කෙරේ

දුම්රිය ආසන වෙන්කිරීම සඳහා මෙතෙක් පැවැති කාලසීමාව දින 30 ක් දක්වා දීර්ඝ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව ලබන මස 13 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියවල වෙන් කළ ආසන මේ මස 13 වැනිදා පෙරවරු 10.00 සිට වෙන් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවයි
මීට පෙර දුම්රිය ආසන වෙන්කිරීම සඳහා පැවැති කාලසීමාව දින 14 කි.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ පත්‍ර හිඟයක් මතුව ඇති බව ද වාර්තා වෙනවා.
ඇතැම් මගීන් සඳහන් කළේ, දුම්රිය ස්ථාන මගින් නියමිත මුදලට අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.

