ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් සටන අද

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (11) රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය.
තරඟය පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතරයි.
මීට පෙර අවස්ථා 11කදී ශ්‍රී ලංකාව කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගෙන ඇති අතර ඉන් ජය ගෙන ඇති තරඟ සංඛ්‍යාව 5 කි.
පකිස්ථානය අවස්ථා 4 කදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඉන් අවස්ථා දෙකකදී අසියානු කුසලානය තමන් සතුකර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව මෙවර අවසන් මහා තරඟයට එක් වන්නේ සුපිරි සිව්දෙනාගේ වටයේ අපරාජිත කණ්ඩායම ලෙසය.

