ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් 6 වන ආසියානු කුසලානය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත්විය.

ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

වනිඳු හසරංග ලකුණු 36ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 28ක් රැස්කළේය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හැරිස් රවුෆ් කඩුලු 3ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ආසියානු කුසලාන අවසන් මහා තරගය ජය ගැනීමට පාකිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 171ක්.

ඒ අනුව පාකිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් රැස් කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.

ඒ අනුව අවසන් තරඟයේ වීරයා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් භානුක රාජපක්ෂ

තරඟාවලියේ වීරයා වනිදු හසරංග

ඒ අනුව, වසර 06කට පසුව ආසියානු කුසලානයක පහස විඳීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පාකිස්ථානය පරදා ආසියානු කුසලානය ජයගත් සිංහයන්ට “My newslanka” අපගේ උණුසුම් සුබ පැතුම්