රට බංකොලොත් කරපු කපුටා යනවා ඇමරිකාවේ, රට වෙනුවෙන් අරගල කරපු අය හිරගෙදරට

රට බංකොලොත් කළ කපුටන් ඇමරිකාවට යනවා. රට වෙනුවෙන් අරගල කළ තරුණයින් හිරගෙදරට දක්වනවා
වර්තමාන ජනාධිපතිවරයා රාජපක්ෂලාට ණය වුණාට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය රාජපක්ෂලාට ණය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජපක්ෂලාගේ හෝ ආණ්ඩුවේ ණය ගෙවන්න සමගි ජන බලවේගයට අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයට ඇත්තේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාවගේ ණය ගෙවා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම පමණක් බවද පැවසීය.
“හැමෝම කපුටා නමින් හඳුන්වපු මොල හතක් නිබෙනවා යැයි පැවසු පුදගලයා අද එයා යනවා ඇමරිකාවට හැබැයි පොදු ජනතාව වෙනුවෙන් හඬක් නගපු ලහිරුලා, දමිතලා යනවා හිර ගෙට මොකක්ද මේකේ සාධාරණත්වය” ,මේ රටේ සමස්ත ජනතාව එක් වී පලවා හැරී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත ලංකාවට එන බවත් පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් ඒ නිදහස භුක්ති විදිද්දී ආණ්ඩුව මේ රටේ පොදුජන අරගලයේ නිරත වුනු ලහිරුලා දමිතාලා හිරගෙදරට දක්කමින් සිටින බවද පැවසීය.
එදා මේ රටේ මර්දනය ආරම්භ කළේ අරලියගහ මන්දිරයට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එක්වුණු මැර කණ්ඩායම බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ඔවුන් සියලු දෙනා ද නිදැල්ලේ සිටින බව ද පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ලංකාවේ අලුත් ජන මතයක් නිර්මාණය විය යුතු බව ප්‍රකාශ කරද්දි ආණ්ඩුව පොහොට්ටුවේ 134ක ජනමතයට හිස නමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ සමස්ත ජනතාව එක්වෙමින් එක් වෙමින් පොදුජන අරගලයක් හරහා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පන්නා දැමූ බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙත් ඒ වෙනුවට පත්වුණේ පොහොට්ටුව නියෝජනය කරන ජනාධිපතිවරයෙක් බවද පැවසීය.
එබැවින් වර්තමාන ජනාධිපතිවරයා පොහොට්ටුවට යුතුකම් ඉෂ්ට කරමින් සිටින බවත්, ජනතාවට ඉටු කළ යුතු යුතුකම් අමතක කොට ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
රාජපක්ෂලා කියන විදිහට කුලියට කහින,රාජපක්ෂලාගේ උපදෙස් අනුව කටයුතු කරන උදවිය අතීතයේ විපක්ෂයේ සිටින්නට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අද එවැනි අය ඇතැයි සිතනවා නම් එය රාජපක්ෂලාට සිදුවී ඇති වැරදීමක් බව ද පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ආසනයේ සමගි ජන බලවේගයේ බලමණ්ඩල රැස්වීමට ඊයේ (10) සහභාගිවෙමින් විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියා.

