එළිසබෙත් රැජිණගේ දේහය අද හොලිරූඩ්ස් මාළිගයට

දෙවන එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වනවිට රැඳී සිටි ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ සිට ඇයගේ දේහය අද (11) රැගෙන යාමට නියමිතයි.
බී. බී. සී. පුවත් සේවය වාර්තා කළේ රාජකීය අවමංගල්‍ය රථයකින් රැජිණගේ දේහය ඇබර්ඩීන්, ඩන්ඩී සහ පර්ත් යන නගර හරහා කිලෝමීටර 280 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව එඩින්බරෝ හි හෝලිරූඩ්ස් මාළිගය වෙත ළඟවනු ඇති.
මේ අතර තුන්වන චාලස් රජුගේ දරුවන් වන වේල්සයේ ආදිපාද විලියම් කුමරු සහ සසෙක්හි හි ආදිපාද හැරී කුමරු ඔවුන්ගේ ආර්යාවන් සමඟ ඊයේ වින්ඩ්සර් මාළිගය ඉදිරිපිටදී පුෂ්පෝපාහාර දක්වනු ලැබුවා.
එහිදී ඔවුන් රැස්ව සිටි පිරිස සමඟ සුහද කථාබහකද නිරත වූ බවයි බී බී සී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.
මෙම සොහොයුරන් සහ ඔවුන්ගේ ආර්යාවන් අවසන් වරට එකම ස්ථානයක දී ප්‍රසිද්ධියේ දැකගැනීමට හැකිවූයේ 2020 වසරේ වෙස්මිනිස්ටර් ඇබේහිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය උත්සවයකදියි.

