ලෝක ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 21ක්

අල්කයිඩා ත්රස්තවාදීන් විසින් අමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කොට අදට (11) 21 වසරක් ගතවෙනවා.
මීට වසර 21කට පෙර එනම් 2001 සැප්තැම්බර් මස 11 වැනි දින අමරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි පෙන්ටගනය යනු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානයයි.
පෙරවරු 9.37ට පමණ American Airlines Flight 77 නමැති ගුවන් යානයෙන් මෙම ප්‍රහාරය එල්ල වුණා.
සුප්‍රසිද්ධ පෙන්ටගනය ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල වන අතර එය එකවර 25,000කට වැඩි පිරිසක් සේවය කරනවා.
සැප්තැම්බර් 11 වන දින අමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ, අල්කයිඩා ත්රස්තවාදීන් විසින්.
ඉන් ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ කුළුණු දෙකම විනාශ වූ අතර එක්සත් ජනපද ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට ද බරපතළ හානි සිදුවුණා.
මියගිය සංඛ්‍යාව 3000 ඉක්මවන අතර අමරිකාවට ඩොලර් බිලියන 10ක ආර්ථික හානියක් සිදු කරමින් එල්ල වු මෙම ප්‍රහාරය ත්රස්තවාදයේ ක්රෑරතම අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.
ඇමරිකා එක්සත් ජනපදයට අයත් ගුවන් යානා දෙකක් පැහැර ගනිමින් අල්කයිඩා ත්රස්තවාදීන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙකට ප්‍රහාර එල්ල කළා.
පැහැරගත් තුන්වන ගුවන් යානය පෙන්ටගන ප්‍රහාරයට යොදා ගැනුණු අතර වොෂිංටන් නගරය ඉලක්ක කරගනිමින් ද තවත් ප්‍රහාරයක් එල්ල කිරිම ත්රස්තවාදීන්ගේ සැලසුම වුණා.
නමුත් එය ව්‍යාර්ථ වූ අතර ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ මෙම ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වූයේ අල්කයිඩා නායක ඔසාමා බිල්ලාඩ්න්ය.
ලෝක බලවතා ලෙස හඳුන්වන ඇමරිකාව අදත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමට ලක්ව ඇති රටක් ලෙස ලෝක ආරක්ෂක අංශ විසින් නම් කර තිබෙනවා.

