රැජිණගේ අභාවයට මෛත්‍රිපාලත් ශෝකය ප්‍රකාශ කරයි

දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අද (12) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තිබෙනවා.
මෙහිදී ශෝක සටහන අදාළ ග්‍රන්ථයේ සටහන් කිරීමෙන් අනතුරුව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සමඟ කෙටි පිළිසඳරක නිරත වූ බව සඳහන්.
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය මහ රැජිණ 2015 වර්ෂයේ දී එතුමා ජනාධිපති වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය බකිංහැම් මාලිගාවට කැඳවා තෑගි ලබා දීම සහ සංග්‍රහ කිරීම පිළිබඳව මතකය ආවර්ජනය කළ බව සඳහන්.
මෙහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය සඳහන් කළේ ලෝකයේ බොහෝ දෙනෙක් කම්පාවන මේ මොහොතේ එම ශෝකය බෙදා ගැනීම සඳහා ඔබතුමාගේ පැමිණීම ගෞරවයක් බවයි.



