ආසියානු කුසලානය දිනා ගත් සිංහයන් ජය සමරපු හැටි (Video)

ආසියානු කුසලානය දිනා ගත් සිංහයන් ජය සමරපු හැටි (Video)

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලකුණු 23කින් ජය ගැනීමට ඊයේ (11) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණි.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත්විය.

වනිඳු හසරංග ලකුණු 36ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 28ක් රැස්කළේය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හැරිස් රවුෆ් කඩුලු 3ක් දවාගත්තේය.

අනතුරුව ලකුණු 171ක ප්‍රබල ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය.

ඒ අනුව පාකිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් රැස් කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.

ඒ අනුව ඊයේ (11) පැවති අවසන් තරඟයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් භානුක රාජපක්ෂ නම් කර තිබුණා.

එසේම තරඟාවලියේ වීරයා ලෙස වනිදු හසරංග නම් කර තිබුණා.

ඒ අනුව, වසර 6කට පසුව ආසියානු කුසලානයක පහස විඳීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සතුට සැමරුවා මෙලසින්,