බිත්තර සඳහා ස්ථාවර මිලක් පනවන්න

බිත්තර සඳහා ස්ථාවර මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා.
එහි ලේකම් අනුරසිරි කුමාරසිංහ කියා සිටියේ විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බවයි.
මේ අතර ඉන්දියාව සිය සහල් අපනයනය සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව සහල් ආනයනකරුවන් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ ඉන්දියාව කැඩුණු සහල් අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම අනෙකුත් සහල් වර්ග ගණනාවකට අපනයනයේ දී සියයට 20 ක තීරු බද්දක් පනවා තිබෙනවා.
මේ හේතුවෙන් කැඩුණු සහල් ආනයනය කරන චීනය, ශ්‍රී ලංකාව මෙන්ම අප්‍රිකානු රටවල් රැසකට අහිතකර බලපෑම් ඇතිවනු ඇති බවටයි වාර්තාවන්නේ.
කැඩුණු සහල් ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලබන්නේ නූඩ්ලස් වැනි ආහාරපාන මෙන්ම සත්ව ආහාර නිෂ්පාදනයටයි.
ලොව විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව 2021 වසරේදී අපනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 21 දශම 5 ක්.
ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් කැඩුණු සහල් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර ගැණුම්කරුවන් 78 දෙනෙකු විසින් කැඩුණු සහල් නෞකා 384 ක් පමණ පසුගිය පෙබරවාරි 23 වනදා වනවිට මෙරටට ගෙන්වා ඇති බවයි ආනයනික දත්ත පෙන්වා දෙන්නේ.

