ආසියානු ශූරයන් මව්බිමට (Photo,Video)

ආසියානු ශූරයන් මව්බිමට (Photo,Video)

2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) අලුයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්.

ක්‍රිකට් ශූරයන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ විශේෂ අවස්ථාවක් ද සූදානම් කර තිබූ බව යි වාර්තා වන්නේ.

මේ අතර, දැල් පන්දු ආසියානු ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවන් ද අද ශ්‍රී ලංකාවට පැමිණියා.

පසු ව කණ්ඩායම් දෙකම රිය පෙරහරකින් කොළබ බලා ඒමට නියමිත යි.

ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට සහ ඔවුන්ට ආදරය දැක්වීමට මඟ දෙපස බොහෝ ජනයා සූදානම් ව සිටින බව යි වාර්තා වන්නේ.