ප්‍රංශ නව රැල්ලේ ගෝඩ් ෆාදර් ජීවිතය හැර යයි

ප්‍රංශ නව රැල්ලේ සිනමාවේ ගෝඩ් ෆාදර් ලෙසින් හැඳින්වෙන, චිත්‍රපට අධ්යක්ෂ Jean-Luc Godard මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මිය යන විට වාසය 91යි
මිය යන විට ගොඩාර්ඩ් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වෙනුවෙන් ගෝල්ඩන් ලයන් (1983), කාන්ස් ජූරි ත්‍යාගය (2014), ඇකඩමි ගෞරව සම්මානය (2010), ඇතුළු සම්මාන 15ක් දිනා තිබෙනවා.
ලොව ප්රමුඛ පෙළේ සිනමාකරුවන් අතරට ගැනෙන ගොඩාර්ඩ් විසින් නිර්මාණය කළ සිනමා කෘති අතර, “Breathless” සහ “Untempt” වැනි විශිෂ්ට සම්භාව්‍ය සිනමා කෘති ද වනවා.
1960 දශකයේ දී ප්‍රංශ සිනමාවේ, සම්මුතීන් බිඳ දැමූ ඔහු, සාම්ප්‍රධායික සිනමා භාවිතයට අභියෝග කරමින්, අතේ ගෙන යා හැකි කැමරා භාවිතය,
එකිනෙකට නො ගැලපෙන දෙබස් භාවිතය, එතෙක් සිනමාවේ දී භාවිත වූ කතා ව්‍යවහාරයන්ට වඩා වෙනස් භාෂා භාවිතයක් සිදු කිරීම වැනි නව්‍ය භාවිතයන් ප්‍රංශ සිනමාවට එක් කිරීමට ගොඩාඩ්ට හැකි වී තිබෙනවා.

