තවත් කැබිනට් අමාත්‍යවරුන් 10ක් පත් කිරීමට හැකියාව පවතිනවා – ප්‍රසන්න

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10ක් පත් කිරීමට හැකියාව පවතිනවා – ප්‍රසන්න

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග

“ප්‍රශ්නය – කැබිනට් අමාත්‍යධුර කිහිපයක් පත් කරනවා කියලා තියෙනවා ? ඒක ඇත්තක් ද?

පිළිතුර – මම හිතන්නේ ඒක පත්කරන්න ඕනේ. මොකද තව කැබිනට් ඇමතිවරු 10ක් පත් කරන්න පුලුවන්. එතකොට තමා 30ක් වෙන්නේ. ඒක ඉක්මනින්ම පත් කරලා මේ එක අමාත්‍යවරයෙකුට ආයතන ගොඩාක් පවරා තියෙන එක , ඒගොල්ලන්ට බෙදුවොත් පහසුවෙනවා. ඒ නිසා කාටත් චෝදනා කරන්න බෑ වියදම් වැඩි වෙනවා කියලා. එහෙනම් ඉතින් පාර්ලිමේන්තු වැටපුත් හැමෝම ගන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්න බෑ. රාජ්‍ය අංශයේ නිලධාරීන් මීට වඩා වැටුප් දීමනා ගන්නවා. මේ අපි ගන්නවා වගේ දහ පහළොස් ගුණයක් දේවල් ගන්නවා. එහෙනම් ඉතින් ඒවත් නවතින්න ඕනේ. ඒක මේ සටන් පාඨයක් විතරයි විපක්ෂයට අවශ්‍ය කරන.” යනුවෙන් පැවසීය

COMMENTS