තරුණයන්ගේ සිහිනවලට පනක් දෙන්න හොන්ඩා සමාගමෙන් අලුත් ආරංචියක්

තරුණයන්ගේ සිහිනවලට පනක් දෙන්න හොන්ඩා සමාගමෙන් අලුත් ආරංචියක්

ඉදිරි වසර තුන තුළ දී විද්‍යුත් යතුරුපැදි මාදිලි 10ක් එළිදැක්වීමට අපේක්ෂා කරන බව හොන්ඩා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

2040 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබාගැනීමට එම සමාගම දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ඔවුන් මෙය සැලසුම් කර තිබෙන අතර ලොව යතුරුපැදි වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන්නේ හොන්ඩා සමාගමයි.

විද්‍යුත් යතුරුපැදියේ මිල ඉහළයෑමට ඉඩ ඇති බව පවසන හොන්ඩා සමාගම ඒ හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳපොළ වෙත පිවිසීම දැඩි තරඟකාරී වියහැකි බව පවසනවා.

එම සමාගමේ ඉලක්කය වසර 5ක් තුළ විද්‍යුත් යතුරුපැදි මිලියනයක් අලෙවි කිරීම වන අතර විද්‍යුත් යතුරුපැදි නිෂ්පාදනය ඇරඹුව ද පොසිල ඉන්ධන යොදාගන්නා යතුරුපැදි නිෂ්පාදනයෙන් ඉවත් නොවන බව එම සමාගම වැඩිදුරටත් පවසනවා.

ඒ වෙනුවට කාබන් නිකුතුව අඩු ගැසොලින් – එතනෝල් මිශ්‍රණ භාවිතයෙන් ධාවනය කළ හැකි ලෙස යතුරුපැදි දියුණු කිරීමට ද හොන්ඩා සමාගම සැරසෙනවා.