නෙළුම් කුළුණේ “හොර ටිකට්” එළියට

නෙළුම් කුළුණේ “හොර ටිකට්” එළියට

නෙළුම් කුළුණ නැරඹීම සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශ පත්‍රය ලෙස සැකසූ ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කාර්යාලය මේ බව සඳහන් කර ඇත.

සත්‍ය ප්‍රවේශ පත්‍රයේ සහ ව්‍යාජ ප්‍රවේශ පත්‍රයේ ඡායාරූප දෙකක් පළ කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, එය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර ගැනීමට ප්‍රථම ව්‍යාජ නොවන බවට තහවුරු කර ගන්නා ලෙස ය.

එමෙන් ම, නෙළුම් කුළුණ සම්බන්ධයෙන් නොමිලේ ලබා දුන් ප්‍රචාරණයට ද ස්තූතිවන්ත වන බව එම කාර්යාලය සඳහන් කර තිබේ.

ඔවුන් වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, හෙට (15) දිනයේ ප්‍රවේශ පත්‍ර ලබා ගෙන නෙළුම් කුළුණ තම දෑසින් ම දැක බලා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.

https://twitter.com/ChinaEmbSL/status/1569895543211700226?s=20&t=XAGUU-GxHsB2pr_JhQkzfg

දකුණු ආසියාවේ උස ම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු හෙට (සැප්. 15) වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම කටයුතු යොදා ඇත.