රැජිණගේ දේහය ඉදිරිපිට ආරක්ෂකයෙක් ක්ලාන්තව ඇද වැටෙයි

අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබත් රැජිනගේ දේහය තැන්පත් කර ඇති, ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටිය අසල ශෝකය පළ කිරීමේ රාජකාරිවල නිරතව සිටි රාජකීය ආරක්ෂකයෙකු ක්ලාන්තයෙන් වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ දෙවන එලිසබත් රැජිනගේ දේහයට ගෞරව කිරීම සඳහා ශෝකය පළ කිරීමේ පැය හය බැගින් වූ සේවා මුරවල, පුරා පැය 24 රාජකාරිවල යෙදී රාජකීය ආරක්ෂකයෙක්.
මේ අතර ඇදවැටුණු ආරක්ෂකයා, වහා එතැනින් ඉවත් කිරීමට හා ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට බ්‍රිතාන්‍ය රාජකීය පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම මුර රාජකාරී මාරුවීම් සාමාන්‍යයෙන් සෑම විනාඩි 20 කට වරක් හුවමාරු වන බවයි.

