රැජිණගේ අවමගුල් උත්සවය දා ශ්‍රී ලංකාවේ පාසල් වලට නිවාඩු

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා සැප්තැම්බර් 19 වන දා නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සැප්තැම්බර් 19 වන දිනට යෙදී තිබෙන බැවින් එදින ජාතික ශෝක දිනයක් සහ රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය මීට පෙර ප්‍රකාශයට කර තිබිණි.
ඒ හේතුවෙන් එදින පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අද (15) අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

